
යුද්ධයෙන් ජයග්‍රාහකයකු ලෙස නොව පරාජිතයකු ලෙස ඇමෙරිකාව අද ලෝකය හමුවේ පෙනී සිටින බව ඉරානය පවසනවා.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් දියත් කළ යුද්ධයෙන් ඇමෙරිකාව පරාජයට පත්ව ඇති බවයි.
සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, 2026 වසරේ ඉරානය යනු 1943 ටෙහෙරාන් සමුළුව පැවැති සමයේ හෝ 1945 යාල්ටා සමුළුව පැවැති සමයේ පැවැති ඉරානය නොවන බවයි.
එමෙන්ම, 2026 වසරේ ඇමෙරිකාව ද එදා පැවැති ලෝක බලවතාගේ තත්ත්වයේ නොසිටින බව පෙන්වා දී ඇති ඔහු, වර්තමානයේ ඇමෙරිකාව යුද්ධයෙන් ජයගත් රටක් නොව පරාජයට පත් රටක් බවට පත්ව ඇති බව අවධාරණය කර තිබේ.
“ලෝකය වෙනස් වී තිබේ.... පැරණි ඡායාරූප පෙන්වීමෙන් වර්තමාන ලෝක බලතුලනය නැවත අතීතයට හැරවිය නොහැකියි” යනුවෙන් ද ඔහු සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.
1943 වසරේ පැවැති ටෙහෙරාන් සමුළුව යනු නාසි ජර්මනියට එරෙහි දෙවැනි ලෝක යුද්ධයේ යුද උපායමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ සෝවියට් සංගමයේ නායකයන් ප්‍රථම වරට එක්වූ ඓතිහාසික හමුවකි.
1945 වසරේ පැවැති යාල්ටා සමුළුවේදී ද එම රටවල් තුනේ නායකයන් වූ ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් සහ ජෝසෆ් ස්ටාලින් දෙවැනි ලෝක යුද්ධයේ අවසාන අදියරේදී යුද්ධයෙන් පසු ලෝකයේ දේශපාලන හා බල ව්‍යුහය සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
එම සමුළුවලින් පසුව ලෝක දේශපාලනයේ ප්රමුඛ බලවතකු බවට පත්වූ ඇමෙරිකාවේ වර්තමාන භූමිකාව අතීතයට සාපේක්ෂව වෙනස් වී ඇති බව රෙසායිගේ ප්‍රකාශයෙන් අවධාරණය කෙරේ.