
අද රාත්‍රියේ ෂෙන්සෙන් (Shenzhen) හි පැවැත්වෙන APEC විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර රතු පලස මතදී ව්ලැඩිමීර් පුටින්, ෂී ජින්පින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් එකට සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් රුසියාවේ ක්‍රෙම්ලින් මාධ්‍ය කණ්ඩායම විසින් පළ කර ඇත.
පුටින්, ට්‍රම්ප් සහ ෂී යන තිදෙනා ප්‍රසිද්ධියේ එකට දක්නට ලැබුණු පළමු අවස්ථාව මෙම කෙටි මුණගැසීම මගින් සනිටුහන් වේ.
එම වීඩියෝවේ, පුටින් එම ස්ථානයට පැමිණෙන විට ට්‍රම්ප්, ෂී සහ ෂීගේ බිරිඳ එකිනෙකා අසල සිටගෙන සිටිනු දක්නට ලැබේ.
එහි පුටින් සහ ට්‍රම්ප් අතර සිදුවූ මෙම හමුව සුවිශේෂී එකකි.
2025 අගෝස්තු මාසයේ ඇලස්කාවේ පැවති රුසියානු-ඇමරිකානු සමුළුවෙන් පසු මෙම නායකයින් දෙදෙනා මුණගැසී තිබුණේ නැත.
සමූහ ඡායාරූපය සඳහා නායකයින් ගමන් කිරීමට පෙර එය ඉතා කෙටි වේලාවක් පැවතිය ද, ෂෙන්සෙන් හිදී ඔවුන් දෙදෙනාගේ හමුව සුහදශීලී බවක් පෙන්නුම් කරයි.
පුටින් ට්‍රම්ප්ට පැය කිහිපයකට පෙර ෂෙන්සෙන් වෙත පැමිණ ෂී සමඟ සාකච්ඡා පවත්වා තිබුණි. මොස්කව් සහ බීජිං අනුගමනය කරන විදේශ ප්‍රතිපත්ති උපායමාර්ගය සාර්ථකව ක්‍රියාත්මක වන බව රුසියානු නායකයා එහිදී පවසා තිබේ.
ඉන් අනතුරුව ට්‍රම්ප් චීනයට පැමිණි අතර, එහිදී ෂී පෞද්ගලිකව ම ගුවන් පථය වෙත පැමිණ නිල වශයෙන් ඔහුව පිළිගෙන තිබුණි.
APEC සමුළුවට සමගාමීව මෙම නායකයින් තිදෙනා හෙට පස්වරුවේ හමුවීමට නියමිතය.
ෂී, ට්‍රම්ප් සහ පුටින් ත්‍රෛපාර්ශ්වික සමුළුවක් පවත්වන පළමු අවස්ථාව වන්නේ මෙයයි.