
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මෙරටට මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වුණා.
ඊයේ (04) මොවුන් තායිලන්තයේ සිට FD 142 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇති අතර සිදුකළ රේගු පරීක්ෂාවකදී, ඔවුන්ගේ අත්බෑග් තුළ සඟවා තිබි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබුවා.
එහිදී එක් ඉන්දීය ජාතිකයෙකු සන්තකයේ තිබී රුපියල් 15,250,000 ක් වටිනා 'කුෂ්' (Kush) වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,525 ක් සහ රුපියල් 1,820,000 ක් වටිනා හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 182 ක් සොයාගෙන ඇති අතර අනෙක් ඉන්දීය ජාතිකයා සන්තකයේ තිබි රුපියල් 15,130,000 ක් වටිනා 'කුෂ්' ගංජා ග්‍රෑම් 1,513 ක් තිබී රේගු භාරයට ගෙන තිබෙන බව සඳහන්.
අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයින් දෙදෙනා වයස අවුරුදු 26 සහ 37 යන වියේ පසුවන බව ශ්‍රි ලංකා රේගුව පවසනවා.
ශ්‍රී ලංකා රේගුව මගින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව, සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදී තිබෙනවා.