
කොළඹ වරායට තදාසන්නව, තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
ඒ අනුව මේ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම, ඊයේ (මාර්තු 04) දින අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝවකින් නෞකාවකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව ද රජය විශේෂිත නිල ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියා.