
Update :
A9 මාර්ගයේ, අනුරාධපුර රඹෑව ප්රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
අනතුරින්, පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන් අනුරාධපුරය, මැදවච්චිය සහ මිහින්තලය රෝහල් වෙත යොමුකර තිබේ.
--------------------------------------------------------------------
මැදවච්චිය - අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්රදේශයේදී බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අද (නොවැම්බර් 10) පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 02ක් සහ පෞද්ගලික බස් රථයකි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට රෝහල් වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.