
ජනාධිපතිවරයාට වරම ලැබුණේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මිස විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වෙනස් කර විධායකය අධිකරණයට බලපෑම් කර, අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවන බව විපක්ෂ නායකවරයා පවසනවා.
අද (29) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර සිටියා.
රටේ ක්රමයේ වෙනසක් ඇති කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට බලය ලබාගත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය රට තුළ ඒකාධිපතීත්වය, ආඥාදායකත්වය, තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට කළ හැකි සියලුම ක්‍රියාදාමයන් එනම්, ව්‍යවස්ථා සංශෝධනයක් පවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ, විධායකය ගරු අධිකරණයට අත පෙවීම නිසා ප්රජාතන්ත්රවාදය විනාශ වන බවත් ජනතාව තුළ අධිකරණය ගැන ඇති විශ්වාසනීයත්වයට, විනිසුරුවන්ගේ විශ්වාසනීයත්වයට හානිදායක වන ආකාරයට මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවයි.
එමෙන්ම ලෝකයේ බොහෝ රටවල විවිධ අවස්ථාවල බලයේ සිටින දේශපාලන අධිකාරිය විසින් අධිකරණයට ව්‍යවස්ථාදායකයට ඇගිලි ගසන්න උත්සාහ කරන බවත් ආසන්නයේ සිදුවූ ඉන්දියාවේ සිදුවීම් අමතක නොකරන ලෙස වත්මන් රජයට කියා සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.