
ඉරානය සමඟ පවතින යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇති බව, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
'Fox News' සමඟ සාකච්ඡාවකට එක්වෙමින්, ට්රම්ප් මේ බව පවසා ඇත.
"ඔව්, මම හිතන්නේ එය අවසන් වීමට ඉතා ආසන්නයි. මගේ දැක්මට අනුව එය බොහෝ දුරට අවසානයට ඇවිත් තියෙන්නේ."
කෙසේ නමුත් මෙය සැබවින්ම යුද්ධය අවසන් වීමේ සේයාවක්ද නැතහොත් ට්රම්ප්ගේ සුපුරුදු දේශපාලනික ප්රකාශයක්ද යන්න පිළිබඳව විචාරක අවදානය යොමුව තිබේ.