
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ සාමාජිකයින් අතර සුවිශේෂී හමුවක් අද (පෙබරවාරි 14) කොලොන්නාව ප්රදේශයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වූයේ වෙන්ව පවතින මෙම ප්රධාන දේශපාලන කඳවුරු දෙක යළි ඒකාබද්ධ කිරීමයි.
මෙහිදී අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කළේ රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ප්රජාතන්ත්රවාදී බලවේග විසිරී සිටීමෙන් ඵලක් නොවන බවයි.
පක්ෂ දෙකේම ක්රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී වඩාත් වැදගත් පියවරක් ලෙස "එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි එක්විය යුතුයි" යන යෝජනාව ඒකමතිකව සම්මත කරගනු ලැබීය.
මෙම හමුව හරහා ගම් මට්ටමින් පක්ෂ දෙකේ පාක්ෂිකයින් අතර පවතින දුරස්ථභාවය නැති කරමින්, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ මූලික අඩිතාලම වැටී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.







