
APEC සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ ෂෙන්සෙන් (Shenzhen) වෙත ළඟා වී තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින්පින්, ඇමරිකානු ජනාධිපතිවරයාව ෂෙන්සෙන් (Shenzhen) ගුවන්තොටුපළේදී වැළඳ ගනිමින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ. චීන ජනාධිපතිවරුන් විදේශීය අමුත්තන් ගුවන්තොටුපළට ගොඩබසින අවස්ථාවේදී ම පිළිගැනීමට පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි.
මෙම හමුව සිදුවන්නේ හෙට පැවැත්වීමට නියමිත මෙම නායකයින් දෙදෙනා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවට පෙරාතුවයි.
ෂී ජින්පින් මීට පෙර පුටින්ව "පැරණි මිතුරෙකු" ලෙස හඳුන්වමින් චීනයට පිළිගෙන තිබුණි.
මෙම සංචාරය සිදුවීම ම පුටින් ලැබූ "රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්" ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිෂ්පාදන සහ උසස් තාක්ෂණයේ දියුණු කේන්ද්‍රස්ථානයක් වන ෂෙන්සෙන් හිදී ආසියා-පැසිෆික් නායකයින්ගේ සමුළුවට චීනය සත්කාරකත්වය සපයයි.
ට්‍රම්ප් චීනයට පැමිණියේ පිලිපීනයේ තවත් සමුළුවකට සහභාගී වීමෙන් පසුවයි. එහිදී ඔහු ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, ඕස්ට්‍රේලියාවේ ඇන්තනි ඇල්බනීස් සහ ජපානයේ සනායි ටකායිචි හමුව තිබුණි.