
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.