
හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ සොහොයුරෙකු වන සරත් වීරවංශ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශගත වීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
ඒ, රජයේ වාහන 40ක් අවභාවිත කරමින්, රුපියල් මිලියන 09 ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාවකට අදාළව ක්‍රියාත්මක විමර්ශන කටයුතු සඳහා වන අවශ්‍යතාවක් මත ය.
අදාළ තහනම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්වරයා ඇතුළු අදාළ අංශ වෙත වහාම දැනුම් දෙන ලෙසට ද අධිකරණය විසින් නියම කර ඇත.