
පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි දකුණ ප්රදේශයේ කුඩා පිරිමි දරුවෙකු ළිඳකට වැටීමෙන් මියගොස් ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසනවා. ඊයේ (12) රාත්රීයේ දරුවා අතුරුදන් වී ඇති බවට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව සිදු කළ සෝදිසි මෙහෙයුම් සහ විමර්ශන අතරතුරදී අතුරුදන් වූ දරුවාගේ මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක තිබී සොයාගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ පුලෝලි දකුණ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 06ක් වන පිරිමි දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.