
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 40,443 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළේ පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 25,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබූ බවයි. එසේම, 2025 වසර තුළ ඩෙංගු මරණ 29 ක් වාර්තා වී ඇති බවද ඇය සඳහන් කළාය. මෙම වසරේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවද ඇය පැවසුවාය. මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලිනි. ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් ජුනි මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් එම කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරමින් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි. පසුගිය දින තුනක කාලයක් දිස්ත්‍රික්ක 12 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 14 ක් තුළ ඩෙංගු අධි අවදානම් කලාප ආවරනයවන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර එහිදි පරිශ්‍ර 97000 කට වැඩි ප්‍රමාණයක් පරික්ෂාවට ලක් කළ පරිශ්‍ර 6000 කට වැඩි ප්‍රමාණයක ඩෙංගු කීටයන් හඳුනාගෙන තිබුනා. ඉන් 2048 කට එරෙහිව නඩු පවරා තිබෙනවා.