
නීති විරෝධි ලෙස මෙ රටට ගෙන එන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (ජූනි 13) අළුයම ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ වැටලීමකදී ගුවන් මගියෙකු පරික්ෂාවට ලක් කරනු ලැබුවා. ඔහුගේ ගමන් මලු පරික්ෂාවට ලක් කිරීමේදි එහි තිබි තීරුබදු රහිතව රැගෙන ආ දුම්වැටි 26,600 ක් (කාට්න් 133) සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වන මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය පරිකෂණ සිදු කරන අතර දුම්වැටි තොගය රාජසන්තක කිරීමට නියමිතයි.