
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (12) ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, ඉන්ද්‍රජෝති පාර ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදි මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. මොහු සන්තකයේ තිබි හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 215ක් සොයා ගත් බව පොලිසිය පැවසුවා. අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.