
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට පහර දුන් බව කියන පිරිසක් පේරාදෙණිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (15) සවස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට කිසියම් පිරිසක් පහර දුන් බවට පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කරනු ලැබුවා. මෙම සිසුන් පිරිස පේරාදෙණිය වැලිහිරිය ප්‍රදේශයේ පිහිටි ඔයක දිය නෑමට ගොස් ඇති අතර, එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් සමඟ ඇති වූ ආරවුලකදී මෙම පහරදීම සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක් වූ සිසුන් සිව් දෙනෙකු මේ වන විට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කිරිබත්කුඹුර ප්‍රදේශයේදී හා තවත් සැකකරුවෙකු පේරාදෙණිය පොලිස් ස්ථානය වෙතඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 30 හා 31 වයස් වල පසුවන අස්ගිරිය, ගොතටුව සහ මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. සැකකරුවන් අද(16) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන් 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබුවා.