
ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විශාල මතභේදාත්මක තත්ත්වයක් ඇති
බව පවසන සමගි ජන බලවේගය ඇමැතිවරයාගේ රුසියානු ගමන ගැන
සැක මතු කරනවා.
සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ
කියා සිටින්නේ ඛණිජ තෙල් ඇමැතිවරයා රුසියාවට ගොස් සයිබිරියානු ගල්
අඟුරු සමාගමක් මුණගැසි ඇති බවයි.
වරුණ දීප්ත රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද (16) සමගි ජන
බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්...
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වරුණ දීප්ත රාජපක්ෂ මහතා මෙසේද
පැවසුවා.....
"ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විශාල මතභේදාත්මක තත්ත්වයක්
රට තුළ ඇති වී තිබෙනවා.... ආණ්ඩුව ගල් අඟුරු ටෙන්ඩරය කැඳවන්න
කටයුතු කළේ ප්‍රමාද වෙලයි... ඒ වගේම ජාත්‍යන්තර ටෙන්ඩරයකදී ලබාදිය
යුතු දින 42 ක කාලය ලබාදීමටත් ආණ්ඩුව කටයුතු කළේ නැහැ.... ඒ වගේම
ටෙන්ඩරයක් කැඳවා සියලු කටයුතු අවසන් වුවාට පසුව ටෙන්ඩරයට ...
සම්බන්ධ පාර්ශ්වයක් බලශක්ති ඇමැතිවරයාට මුණ ගැසීටම හැකියාව
තිබෙනවාද?.. නමුත් ඛණිජ තෙල් ඇමැතිවරයා රුසියාවට ගොස් සයිබිරියානු
ගල් අඟුරු සමාගමක් මුණගැසි තිබෙනවා.... මේ ගල් අඟුරු සමාගම ලංකාව
කාලයක සිට ගල් අඟුරු සපයා තිබෙනවා.... ඔවුන් මෙවර ටෙන්ඩරයත් ලබාදෙන
ලෙස ඉල්ලිමක් කර තිබුණා.... මෙවැනි තත්ත්වයක් තුළ බලශක්ති ඇමැතිවරයා
මෙම සමාගම මුණ ගැසීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙනවා.....
ඒ වගේම මෙම ගල් ඇඟුරු නිසි ප්‍රමිතියෙන් තොර බව ලක්විජය ප්‍රකාශ කර
තිබෙනවා.... නමුත් ඇමැතිවරයා එම වාර්තාව පිලිගන්නේ නැති බව ප්‍රකාශ
කර තිබුණා.... ඒ අනුව නෙදර්ලන්ත ආයතනයකින් මෙම ගල් අඟුරු තොගය
සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන බව නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ
කර තිබෙනවා.... එම වාර්තාව තවමත් නිකුත් කර නැත්තේ යම්කිසි බලපෑමක්
තිබෙනවාදැයි කියන සැකය මතුවෙනවා.... කෙසේ නමුත් ලක්විජය ලබාදුන්
වාර්තාවට සමාන වාර්තාවක් නෙදර්ලන්තයේ ආයතනයෙනුත් ලැබී තිබෙන බවයි
තොරතුරු වාර්තා වෙන්නේ.... ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් ඇඟුරු ගෙන
ඒමෙන් මුදල් හානියක් වගේම බරපතල පාරිසරික ප්‍රශ්නයක් ඇති වෙනවා...
මෙම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරුවල බලපෑම නිසා ජනතාවට සහ පරිසරයට
විශාල හානියක් සිදුවෙනවා.... වෙනදාට වඩා දෙගුණයක තුන්ගුණයක අලු
නිකුත් වීම පරිසරයට,ජනතාවට,බලාගාරයට විශාල ප්‍රශ්නයක්.... එම හානි
කවුරුන්වත් ගණනය කරලා නැහැ.......
ඒ වගේම ගල් අඟුරු ප්‍රශ්නයට සම්බන්ධ බලශක්ති ඇමැතිවරයා දුෂණ ...
චෝදනාවකට වැරදිකරුවෙකු වුණ පුද්ගලයෙක්..... මේ බව ජනාධිපතිවරයාත්
දන්නවා.... ඒ වගේම ගල් අඟුරු ටෙන්ඩරය ලබාදුන්න ඉන්දියානු සමාගමත්
චෝදනා ලැබු සමාගමක්.... ඒ වගේම ඒ සමාගම ලංකාවට හාල් ගෙන්විමේදිත්
ප්‍රශ්න ඇතිවී තිබෙනවා.... ඒ වගේම මෙම සමාගමේ දේශීය එජන්තවරයා චෝදනා
ලැබු පුද්ගලයෙක්.... මේ සියලුම දෙනා එකතුවුණාම වුණ දේ හිතා ගන්න පුලුවන්.
කෙසේ නමුත් ගල් අඟුරු ප්‍රශ්නයත් නිලධාරින්ට පිට පැටවෙන්න පුලුවන්..."