
මිලියන 28ක ට අධික වත්කම් උපයා ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චිට අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ජුනි 19 යළි කැඳවිමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂද මහාආරච්චි අද(16) නියෝග කළා. සිද්ධියට අදාලව තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූ අවස්ථාවේදී එලෙස නියෝග කළා. සිද්ධියට අදාල සැකකරු අද(16) අධිකරණයේ පෙනී සිටියා. උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ලෙසින් මිලියන 28 කට අධික වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදාහැර තිබෙනවා.