
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අද (22) පැවැත්වූ තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
පළමුව කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 429 ලබා ගත්තා.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක Harry Brook පන්දු 116ක් තුළ ලකුණු 202ක් ලබා ගත්තා.
එයට 04 පහරවල් 21ක් සහ 06 පහර 10ක් ඇතුළත්.
මෙය එක්දින ජාත්යන්තර ක්රිකට් පිටියේ වේගවත්ම ද්විත්ව ශතකය ලෙස මෙය වාර්තා අතරට එක් වනවා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඉන්දීය ක්රීඩක ශුබ්මන් ගිල්.
ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සැප්තැම්බර් 30 වැනිදා පැවැති තරගයේදී පන්දු 117කින් ද්විත්ව ශතකය සම්පූර්ණ කර තිබුණා.
එමෙන්ම Will Jacks නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුලු 02ක් බිඳ හෙලීමට සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 430ක ඉලක්කයක් හිමි වූ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පැමිණි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් තුළ ලකුණු 430ක් ලබා ගනිමින් මෙම ඓතිහාසික ජය වාර්තා කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් පවන් රත්නායක පන්දු 106ක් තුළ ලකුණු 130ක් ලබා ගැනීමට සමත් වුණා.
දසුන් ශානක පන්දු 50ක් තුළ 97ක් රැස් කළා.
අවිෂ්ක ප්රනාන්දු පන්දු 83ක් තුළ ලකුණු 97ක් රැස් කිරීමට සමත් වුණා,
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Josh Tongue කඩුලු 03 දවා ගැනීමට සමත් වුණා.