
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා - එංගලන්ත තරගය අද (22) රාවල්පින්ඩි ක්රිඩාංගනයේදී පැවැත්වෙනවා.
ඒ, මෙරට වේලාවෙන් පස්වරු 1.30ටයි.
තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග 2ක ජයගත් සත්කාරක පාකිස්ථාන කණ්ඩායම තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර, එංගලන්තය සහ ශ්රී ලංකාව එක් තරගය බැගින් පරාජය වී සිටිනවා.