
2015 වර්ෂයේ කයිට්ස් පොලිස් වසමේදී සිදු වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන කිරීමේ සිද්ධියට අදාලව යාපනය මහාධිකරණය මගින් වරදකරුවී මරණ දඩුවම් ලබා සිටි රැදවියෙකු අද (25) දින උදෑසන යාපනය බන්ධනාගාරය තුලදී ගෙල වැලලාගෙන මිය ගියා. මෙලෙස මිය ගියේ වයස අවුරුදු 46 ක් වූ පුන්කුඩුනිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පූබාලසිංහම් ජෙයකුමාර් නැමැත්තා බව සඳහන්. විද්‍යා දැරිය ඝාතනයේ මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් සිව්දෙනා නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (25) දිනට නියමිතව තිබූ අතර ඒ සඳහා යාපනය මහාධිකරණයට ඉදිරිපත් කිරීමට සඳහා ඊයේ (24) දින වැලිකඩ බන්ධනාගාරයේ සිට යාපනය බන්ධනාගාරය වෙත රැගෙනවිත් සිටියදී මෙලෙස ගෙල වැලලාගෙන ඇති බවට මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත. මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය යාපනය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යාපනය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.