ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් හා ප්‍රීතියෙන් සමරනු ලබන
ඔවුන්ගේ ප්රධාන්තම ආගමික උත්සවක් වන "ත්‍යාග වන්තභාවයේ උත්සවය හෙවත් කැප
කිරීමේ උත්සවය" ලෙස හඳුන්වන "හජ්ජි උත්සවය" මේ මස 28 දිනට යෙදී ඇත.
එම ආගමික කටයුතු සිදු කිරීම සඳහා සහභාගි වන ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාව
තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිතුමා විසින් දිවයිනේ සියළුම
පොලිස් ස්ථානයන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.
- විශේෂ යාඥාවන් පැවැත් වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශ ආවරණය
වන පරිදි අවස්ථානුකූලව පොලිස් නිලධරයන් ආරක්ෂාව සඳහා යෙදවීම
- මුස්ලිම් පල්ලි අවට අධික රථවාහන තදබදයක් ඇතිවීම වැළැක්වීම සහ බැතිමතුන්ගේ
ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම
- ඉස්ලාම් භක්තිකයින් වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව ජංගම සංචාර, පාමුර /
පාපැදි, බිට්ටු සහ යතුරු පැදි සංචාර ක්‍රියාත්මක කරමින් ආරක්ෂාව තහවුරු කිරීම
- බුද්ධි නිලධරයන් යොදවා අවස්ථානෝචිතව තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීම
පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පොලිසිය
ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත්, කිසියම් සැක කටයුතු පුද්ගලයකු හෝ සැකකටයුතු
යමක් දක්නට ලැබුණහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119 / 118 හදිසි ඇමතුම්
අංකයට දැනුම් දෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉස්ලාම් බැතිමතුන්ට තම ආගමික වත් පිළිවෙත් කිසිදු බියකින් හෝ බාධාවකින් තොරව,
සාමකාමී වටපිටාවක ඉටු කිරීමට ඉඩ සැලසීම සහ ආගමික සංහිඳියාව පවත්වා ගැනීම වෙනුවෙන්
ශ්‍රී ලංකා පොලිසිය ගනු ලබන පියවරයන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන්ද ඉල්ලා සිටිනවා.