
56 ගිනි අවියක් සහ ඊට අදාළ ජීව පතරොම් 16ක් සමඟ පසුගිය ඔක්තොබර් 20 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සඟවා තිබූ ජීව පතරොම් 113ක් සහ අත්විලංගුවක් සොයාගත් බව පොලිසිය පවසනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අදාළ සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන අතර, එහිදී මෙම පතොරම් තොගය ගැන අනාවරණයවී ඇත.
ඒ අනුව ඊයේ (23) අඟුරුවාතොට පොලිස් වසමේ උඩුවර ප්රදේශයේ සඟවා තිබූ ටී-56 වර්ගයේ ජීව පතරොම් 90ක්, එම්-16 වර්ගයේ ජීව පතරොම් 23ක් සහ අත්විලංගුවක් විමර්ශන නිලධාරීන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.