
කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ සේනපුර ප්රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
බණ්ඩාරගම දෙසට ධාවනය වූ ලොරි රථයට ඉදිරියෙන් ගමන් කළ බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා බස් නැවතුමක නතර කිරීමත් සමග ලොරි රථය ද නතර කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවස්ථාවේදී එම දිශාවටම ධාවනය වූ යතුරුපැදිය ලොරි රථයේ පිටුපස ගැටී එහි යට කොටසේ සිරවී තිබෙනවා.
අනතුරින් යතුරුපැදියේ ඉන්ධන ටැංකිය සහ අසුන ගැලවී ගොස් ඇති අතර, යතුරුපැදියට ද බරපතළ හානි සිදුව ඇති බව සඳහන්.
ලොරි රථය යට සිරවී තිබූ යතුරුපැදිය පිටතට ගෙන පරීක්ෂා කිරීමේදී එහි වේග මාපකයේ කටුව පැයට කිලෝමීටර් 110ක අගයක සටහන්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පිළියන්දල ප්රදේශයේ පදිංචි යතුරුපැදිකරු බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
(බන්ඩාරගම බිමල් ශයාමන් )