
තීරුබදු රහිතව මෙරටට ගෙන්වා පසුව එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම ජීප් රථය පොලිස් භාරයට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වැනිදා සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, අදාළ ජීප් රථය බණ්ඩාරවෙල ප්රදේශයේ තිබියදී ඊයේ (23) විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන පොලිස් භාරයට ගත් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.