
සිය පාසලේ මිතුරෙකුගේ නිවසට පැමිණ ඔහුගේ එකොළොස් හැවිරිදි (11) පිරිමි දරුවාට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබ 45 වියැති විත්තිකරුවෙකුට කුරුණෑගල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා බරපතළ වැඩ සහිත වසර දහයක (10) සිර දඬුවම් නියම කර තිබෙනවා.
ආරච්චිගේ දොන් විජිත නමැති එම විත්තිකරුට රුපියල් 50000ක දඩයක් ගෙවීමටද නියම කළ විනිසුරුවරයා වින්දිත දරුවාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කොට ඇත.
එකී වන්දිය හා දඩය නොගෙ වන්නේ නම් වසර එකහමාරක අමතර ලිහිල් සිර දඬුවම ලබාදීමට විනිසුරු ලාල් රණසිංහ මහතා වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.
එම විත්තිකරු විටින් විට පෙර අවස්ථා කිහිපයකදී රූපවාහිනීය නරඹමින් සිටියදී
දරුවාගේ පුරුෂ ලිංගය ස්පර්ශ කර ඇති බවට සාක්ෂි විභාගයේදී අනාවරණය වී
තිබුණා.
ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු සියලුම චෝදනාවලට වරදකරු බවට නිගමනය කොට සිර දඬුවම් නියම කර තිබෙනවා.