
වත්තල, මාබෝල ප්රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 250 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ 'අයිස්' මත්ද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 09 යි ග්රෑම් 229 ක් සහ හෙරොයින් කිලෝග්රෑම් 09 යි ග්රෑම් 264 ක් (සහිත සමස්ත මත්ද්රව්ය කිලෝග්රෑම් 18 කට ආසන්න ප්රමාණයක්) පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තාගේ සමීපතමයෙකු වන අතර, විදේශගතව සිටින 'මොරිල්' නැමැති මත්ද්රව්ය ජාවාරම්කරුට අයත් මත්ද්රව්ය මෙරට තුළ බෙදාහැරීමේ ප්රධාන නියෝජිතයෙකු ලෙස මොහු කටයුතු කර ඇති බවට හෙළිවී තිබෙනවා.