
කොටහේන ප්රදේශයේදි තල්මසුන්ගෙන් ලබාගන්නා අම්බර් (Ambergris) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (23) සවස මරීනා මහල් නිවාස සංකීර්ණය අසලදී කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කරනු ලැබුවා.
එහිදි ඇම්බර් කිලෝග්රෑම් 7යි ග්රෑම් 990ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙම අම්බර් තොගය සමඟ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30ක පමණ පසුවන වාද්දුව ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.