
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර, විස්තීර්ණ
අරමුදල් පහසුකම (EFF) යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ
වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව අවසන් කිරීම
සම්බන්ධයෙන් මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට (Staff-level agreement)
පැමිණ තිබෙනවා.
මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය
විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන
700 ක පමණ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව ජාත්‍යන්තර
මූල්‍ය අරමුදල අද (09) නිකුත්කළ නීවේදනයේ දැක්වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) එවන් පපගෙෝජියු (Evan Papageorgiou)
මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් මාර්තු 26 සිට අප්‍රේල් 9 දක්වා
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.
එහිදී මෑතකාලීන සාර්ව ආර්ථික වර්ධනයන් සහ විස්තීර්ණ අරමුදල් පහසුකම
(EFF) ගිවිසුම යටතේ වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා
කරනු ලැබුවා.
මෙම අනුමැතිය ලැබීමෙන් පසු, ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු මූල්‍ය සහය SDR මිලියන
1,778ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් පමණ) දක්වා ඉහළ යනු ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය හුවමාරුව සාර්ථකව අවසන් කිරීම සහ අනෙකුත්
ද්විපාර්ශ්වික ගිවිසුම් අවසන් අදියරට පැමිණීමත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ
ක්‍රියාවලිය නිමවෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්වා.
එමෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම, සංචාරක ක්ෂේත්රයට
එල්ල වී ඇති බලපෑම් සහ 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුව නිසා ඇති වූ යටිතල
පහසුකම් හා වියදම් අවශ්‍යතා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කොට තිබෙනවා.
පිරිවැය ආවරණය වන පරිදි විදුලිය සහ ඉන්ධන මිල නියම කිරීම අඛණ්ඩව පවත්වා
ගත යුතු අතර, එහිදී අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙනවා.
බදු පදනම පුළුල් කිරීම, බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය වියදම් විනයානුකූලව
පවත්වාගෙන යාම මගින් මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම, 'අස්වැසුම' වැනි සමාජ
ආරක්ෂණ වැඩසටහන් වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කරමින්
දුප්පත් ජනතාව ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවයක් දිම අවදාරනය කොට තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) ස්වාධීනත්වය රැකීම සහ
2026 රජයේ ක්‍රියාකාරී සැලැස්ම මගින් දූෂණ විරෝධී වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වැදගත්
බව ජාත්‍යන්තර මුල්‍ය අරමුද අවදාරනය කරනවා.
ඩිජිටල්කරණය වේගවත් කිරීම, ව්‍යාපාරික රෙගුලාසි සරල කිරීම සහ කම්කරු නීති
නවීකරණය කිරීම මගින් තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගත හැකි බව IMF
පෙන්වා දෙන අතර ගෝලීය අවිනිශ්චිතතාවයන් හමුවේ විදේශ සංචිත යළි ගොඩනැගීම
සහ විනිමය අනුපාත නම්‍යශීලීව පවත්වා ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික ඔරොත්තු දීමේ
හැකියාව වැඩි කිරීමට හේතු වන බව එවන් පපගෙෝජියු මහතා වැඩිදුරටත් ප්‍රකාශ
කොට තිබෙනවා.