
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව මෙහෙයුම්
අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට අද (10) සේන්දු වුණා.
එහිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා
ම්ප්රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරුණා.
මෙලෙස දිවයිනට පැමිණි Offshore Patrol Vessel (OPV) වර්ගයට
අයත් ‘INS SHARDA’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර්
කාර්තික් සච්දේවා (Kartik Sachdeva) කටයුතු කරනු ලබනවා.
කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SHARDA’
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එම නෞකාවේ කාර්ය මණ්ඩලය,
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන්
සඳහා සහභාගී වීමටත්, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ
කිහිපයක සංචාරය කිරීමටත් නියමිතව ඇත.