
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ක්‍රිකට් ආයතනය විසින් නව අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ වත්මන් කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායකගේ කොන්ත්‍රාත් කාලය මේ වසර අවසානයේ කල්පිරීමට නියමිත වීමත් සමගයි.
ඒ අනුව, ජාතික කාන්තා කණ්ඩායම සඳහා ඉහළ කාර්යසාධන පුහුණු වැඩසටහන්වල උපායමාර්ගික සැලසුම්කරණය, සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, සියලුම ජාත්‍යන්තර තරඟ, ද්විපාර්ශ්වික තරගමාලා සහ ICC ඉසව් සඳහා කණ්ඩායම සූදානම් කිරීම, ශක්තිමත් සහ තරගකාරී ජාතික සංචිතයක් ගොඩනැඟීම සඳහා ඉහළම දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම, පෝෂණය කිරීම සහ සංවර්ධනය කිරීම යන කරුණුවලට අමතරව,
තෝරා ගැනීමේ කමිටුව, සහායක කාර්ය මණ්ඩලය සහ ඉහළ කාර්යසාධන ඒකක සමඟ සමීපව කටයුතු කිරීම, කණ්ඩායම තුළ වෘත්තීයභාවය, විනය, සමගිය සහ අඛණ්ඩ දියුණුව පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීම, නවීන පුහුණු ක්‍රමවේදයන් භාවිතා කරමින් තනි පුද්ගල සහ කණ්ඩායම් කාර්ය සාධනය ඉහළ නැංවීම යන කරුණු පුහුණුකරුගේ ප්‍රධාන වගකීම් බවයි එම ඇබෑර්තු නිවේදනයේ සඳහන්.
එමෙන්ම, ක්‍රිකට් තේරිම් කමිටුවේ නිල කාලයද මේ වසර අවසානයේදි අවසන් වීමට නියමිත බැවින්, නව තේරීම් කමිටුවකට යෝජිත නම් එවන ලෙස ක්‍රිකට් ආයතනය පසුගියදා ක්‍රිඩා සමාජවලට දැනුම් දී තිබුණා.