
බෝලවත්ත ගිං ඔය ප්රදේශයේ රක්ෂිතය තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වෙන්නප්පුව පොලිසිය මඟින් ඊයේ (09) දින වටලා තිබෙනවා.
මෙලෙස වැටලීමට ලක්කර ඇත්තේ වෙන්නප්පුව ප්රදේශයේ නිෂ්පාදනය කර විවිධ ප්රදේශයන් වෙත කසිප්පු බෙදා හැරීමේ මූලස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය ස්ථානයකි.
මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මත්පැන් බෝතල් 760ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (10) දින මාරවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුනට රුපියල් 260000ක දඩ මුදලක් නියම කර ඇත.