
ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් සහ එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වන IRIB වෙත නිකුත් කළ නිවේදනයකින් IRGC සඳහන් කළේ, “ඉස්ලාමීය ජනරජය වන ඉරානයට එරෙහි තර්ජන සහ ඇමෙරිකානු හමුදා විසින් අපගේ පහසුකම් ඉලක්ක කරගෙන සිදුකරන නීතිවිරෝධී හා ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් පවතින තාක් කල් ප්‍රතිප්‍රහාරද අඛණ්ඩව පවතිනු ඇති බවයි". එමෙන්ම, “ඇමෙරිකානු නිලධාරීන්ගේ තර්ජන සහ අපගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සිදුකරන නීතිවිරෝධී මැදිහත්වීම් වහාම නතර කළ යුතුය” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් කර ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කළේ ඉරානය විසින් ජෝර්දානයේ සිටින තම හමුදා ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාව සාර්ථකව මැඩපැවැත්වු බවයි. මේ අතර, ජෝර්දාන හමුදාව නිවේදනය කළේ අද (29) අලුයම ඉරානයෙන් එල්ලවු මිසයිල පහක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව බිම හෙළූ බවයි.