
සෞදි අරාබිය සහ එක්සත් ජනපදය ඒකාබද්ධව එල්ල කළ ගුවන්
ප්‍රහාරවලින් මියගිය ඉරාකයේ ඉරාන හිතවාදි මහජන බලකායේ
(Popular Mobilisation Forces - PMF) සමාජිකයින්ගේ සංඛ්‍යාව
ඉහල ගොස් තිබෙනවා.
තම සාමාජිකයන් අවම වශයෙන් 20 දෙනෙකු මියගොස් තවත් 32
දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාකයේ මහජන බලකාය (Popular
Mobilisation Forces - PMF) පවසනවා.
සෞදි අරාබිය සහ එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය
(CENTCOM) අද (29) අලුයම නිවේදනය කළේ, ඇමෙරිකානු හමුදා
කඳවුරු සහ සෞදි බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර මෑතකදී
සිදු කළ ප්‍රහාරවලට වගකිව යුතු බව පැවසෙන ඉරානයට හිතවාදී
ඉරාක සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.
පසුගිය සිකුරාදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග කලාපයේ දින
13 ක් පුරා ක්‍රියාත්මක වූ ප්‍රහාර මාලාව අත්හිටුවීමෙන් අනතුරුව, මෙම
ප්‍රහාර මැදපෙරදිග කලාපයේ සිදු කළ පළමු ඇමෙරිකානු යුද මෙහෙයුම්
ලෙස සැලකේ.
සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ,
මෙම ගුවන් ප්‍රහාර "මෑතකදී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාරයක්"
බවයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ඉරාක භූමියේ සිට ඉරානයට අනුබල දෙන
සන්නද්ධ කණ්ඩායම් විසින් සෞදි අරාබියේ නැගෙනහිර පළාත සහ රියාද්
ප්‍රදේශයේ තෙල් පහසුකම් ඉලක්ක කර යොමු කළ ඩ්‍රෝන යානා කිහිපයක්
සෞදි ගුවන් ආරක්ෂක පද්ධතිය මඟින් විනාශ කළ බවයි.
සෞදි අරාබියට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලට තමන් සම්බන්ධ නොවන බවත්
සෞදි අරාබිය එල්ල කරන චෝදනා "ගොතන ලද අසත්‍ය" බවත් පවසන
ඉරානයේ සහාය ලබන "ඉරාකයේ Islamic Resistance in Iraq නමැති
සන්නද්ධ කණ්ඩායම සෞදි අරාබිය කිසියම් නොසැලකිලිමත් ක්‍රියාමාර්ගයක්
ගතහොත් ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට අනතුරු අඟවනවා.