8% කින් විදුලි බිල වැඩි කිරිමට කිසිම අවශ්‍යතාවයක් නැතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති පවසනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ කියා සිටියේ මණ්ඩලය ලාභ ලබන බවයි. මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළා. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු වෘත්තිය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ මෙසේ සඳහන් කළා..... "මෙ වනවිට නිව්ස් එකක් ගෙනියනවා විදුලි බල මණ්ඩලය පඩුයි එනිසා 8% කින් විදුලි බිල වැඩි කරන්න වෙනවා...කියලා... විදුලි බිල 8% කින් වැඩි කරන්න කිසිම අවශ්යතාවයාක් නෑ... පසුගිය කාලේ මහජන උපයොගිතා කොමිසමත් කිව්වා මණ්ඩලය ලාබ ලබලා තියෙනවා... ඒ සහනය දෙන්න පුළුවන් කියලා.... ඒ තියෙද්දි තමයි ...15% කින් වැඩි කරලා.. තවත් 8% කින් වැඩ් කරන්න යන්නේ.... මේක සම්පුර්ණ වැරදි මතයක්... හදනවා පමණයි.... අයෝජකයින් නැති නිසා විකුණලා දාන්න මතය තමයි මේ හදන්නේ විදුලි බිල වැඩි කිරිමට සම්පුර්ණ විරුද්ධයි... කිසිම අවශ්‍යතාවයක් නැ... විදුලි බිල වැඩි කරන්න."