ඇල්පිටිය ඉහළ ඕමන්ත ප්‍රදේශයේ නිවසකට එල්ලවු ප්‍රහාරය වෙඩි තැබීමක් නොවන බව පොලිසිය පවසනවා. එය පුපුරන ද්‍රව්‍ය අඩංගු ඩප්පියක් වැනි යමකින් සිදු කළ හානියක් බව අනාවරණය වනවා. ඊයේ (04) රාත්‍රී කාලයේ ඇල්පිටිය පොලිස් වසමේ ඉහළ ඕමන්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක් හේතුවෙන් ඉදිරිපස ඇති ජනේලයක වීදුරු බිඳී ගොස් නිවස තුළ තිබු උපකරණ කිහිපයකට හානි සිදුව ඇති බවට ඇල්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ඇල්පිටිය පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් ඇල්පිටිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයේදී මෙය වෙඩි තැබීමක් හේතුවෙන් සිදු වූ හානි කිරීමක් නොවන බවටත් බටයක් වැනි යමකට වෙඩි බෙහෙත් සහ ගල්කැට යොදා (ඩප්පියක්) සකස් කර එය දමා ගැසීමෙන් පසු පුපුරා යාමෙන් සිදු වූ හානියක් බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර ස්ථානයෙන් හමුවූ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.