යාපනය නගරයේ පිහිටි පාසලක අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙකුට, පාසලේ ගුරුවරයෙකු විසින් පහර දීම හේතුවෙන් සිසුවා රෝහල්ගත කර තිබෙනවා.
ඊයේ (04) දින සිදුවු මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ, එම සිසුවා දින කිහිපයක්ම පාසලට නොපැමිණීම නිසා ඔහුට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලබා දිය නොහැකි බවට අදාළ ගුරුවරයා ප්‍රකාශ කිරීමයි. ඊට එරෙහිව ශිෂ්‍යයා කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කිරීමේදී ගුරුවරයා සිසුවාට පහර දී ඇති බව සඳහන්. පසුව සිසුවා බිම දණගස්වා ඇති අතර එහිදි සිසුවා ක්ලාන්ත වී බිම ඇද වැටී ඇත. පසුව ඔහු වෙනත් ගුරුවරයෙකුගේ මැදිහත් වීම මත නිවසට යවා ඇති අතර, නිවසේදි යළිත් ක්ලාන්ත වී තිබෙනවා. අනතුරුව සිසුවාගේ දෙමව්පියන් විසින් ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ දෙමව්පියන් විසින් වගකිවයුතු අංශ වෙත පැමිණිලි කර ඇති බව සඳහන්.