පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 30,000ක් වාර්තාවී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
මේ වන විට එම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
කෙසේ නමුත් විදුලි සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි සඳහන් වෙන්නේ.