තැපැල් සේවකයින් ඇඟිලි සලකුණු නොතියා හොරට ඕටි(OT) ලබා
ගෙන ඇති බවට තැපැල්පතිවරයා චෝදනා කරනවා.
තැපැල්පති රුවන් සත්කුමාර මේ බව අනවරණය කළේ දැනුවත් කිරිමේ
වැඩසටහනකට එක්වෙමින්.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු තැපැල්පති රුවන් සත්කුමාර මෙසෙද්
පැවසීය....
"මේ වන විට විගණන පරීක්ෂණ හාරසීයක් පමණ කරලා තිබෙනවා..
බහුතරයක් ඕටි(OT)...දැන් මේ පසුගිය ටිකේ දැක්ක දෙයක් කෝටි
ගණනක්.. ඇඟිලි සලකුණු තියන්නේ නැතුව හොරට ඕටි(OT) අරන්
තියනවා.. එහෙම තියෙනකොට අපි මේවට උත්තරයක් දෙන්න ඕන නැද්ද...
දැන් අපේ තියෙනවා වර්ක් ෂොප් (work shop) එකක්.. ඒ කියන්නේ වාහන හදන්න...
මං දන්නෑ හැබැයි හදනවද කියලා.. හැමදාම තියෙන්නේ ගැරේජ් එකේ
ඒක නිතර... අර වාහන පාක් එකක් වගේ.. එතන ඉරිදට වාහන සර්විස්
කරනවා... ඉරිදට කරන්නේ මොකද කියල බැලුවම සෙනසුරාද වෙනකන්
වාහන... දුවනවා ඉරිදට විතරයි වාහන ලැබෙන්නේ ඒ නිසා සර්විස් කරනවා...
ඒ කරන්නේ ඕටි (OT) එකට.....
සර්විස් කරන්න දෙන්නෙක් ඉන්නවා... ඊට අමතරව අනිත් තනතුරු...
බලපුවහම දහ (10) දෙනෙක් විතර ඉන්නවා ඒ වැඩේට.... වාහනයක්
සර්විස් කරන්න....
වාහනයක් සර්විස් කරාම පැය 4 ක් ඕටී එක.. ලොකු ගණනක් නෙවි...
පැය හතරක්නේ... හැබැයි හතර එයාලට විතරක් නෙවෙයි අනිත් දස දෙනාටම
පැය හතර ගානේ පැය 40ක්... ඒ වගේ වාහන කිහිපයක් කරපුවම හිතන්න...
දැන් මේ හින්දා එයාලා කියනවා වාහන සර්විස් කරන්න බෑ කියලා... මම කිව්වා
කමක් නෑ කියලා.. වාහන සර්විස් කරන්නේ අපි විතරක් නෙවෙයිනේ... ඔනතරම්
ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා සර්විස් කරන තැන්... කොම්පැනි එක තියෙනවා.
මං ඒකේ දාලා සර්විස් කරනවා....
පැයකින් දෙකකින් දෙන්නනේ ටෙලිමේල් එකක් ගහන්නේ ...මගේ අතේ තියෙනවා
එකක් .... මේක මට ඊයේ එව්වේ මම යාපනේ ඉන්නකොට... උසස් අධ්‍යාපන
අමාත්‍යංශයට එවලා තියෙන්නේ 09/02 ක පිළිමතලාවෙන් මේක එතනට ගිහින්
තියෙන්නෙ 10/03 මට කතා කරලා අහනවා 09/02 එවපු එකක් 10/03 ඇවිල්ලා
තියෙනවා කියලා... මේක නොගිය නම් හොඳයි... මට කිව්වා දැන් මේක හොයලා
වැඩක් නෑ.... මොකුත් කරන්න එපා... මං ඒත් හොයල බැලුවා.....හොයාගෙන
හොයාගෙන යනකොට 09/02 පිළිමතලාවෙන් ඒ වෙලේම කොළඹට දාලා තියෙනවා
කොළඹ එක්කෙනාගේ කොම්පියුටරය කැඩිලා තියෙන්... මට පිඑම් කිව්වා සර් අපේ
කම්පියුටරේ කැඩිලා... හිනාවෙමි තමයි කියන්නෙ දැන්.... මං කිව්වා කොම්පියුටරය
කැඩිලනං ඔය මගුල යවන්නේ නැතුව ඉන්න තිබුනේ... මාසයක් ගිහින්... මං කිව්වා...
හිනාවෙන්න නෙවෙයි ..උඹයි මායි එකතු වෙලා අඬමු වරෙන් කියලා... ටෙලිමේල්
එකක් යවන්න මාසයක් ගියාම හිනා වෙන්න පුළුවන්ද?"