
විදේශීය නිශ්පාදිත දුම් වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදි රෙගුවෙන්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද(25) අලුයම 1 ට පමණ OD 297 ගුවන් යානයෙන් ක්වාලාලම්පූර් සිට
පැමිණි මෙම චීන ජාතිකයින් තිදෙනා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ
හරිත මාර්ගය (Green Channel) ඔස්සේ පිටව යෑමට උත්සහ කළ අවස්ථාවේ
රේගු නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මලු පරික්ෂාවට ලක් කොට තිබෙනවා.
එහිදි ගමන් මලු 6 ක තිබු විදේශීය සිගරට් කාටන් 202 ක් (සිගරට් 40,400ක්)
සොයා ගත් බව රේගුව පවසනවා.
මෙහි වටිනාකම රුපියල් 6040000 /= ක් බවත් සිගරට තොගය රාජසන්තක
කළ බවත් රේගුව සඳහන් කරනවා.