
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බියර් හා දුම්වැටි සමග චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (01) රාත්‍රී කොල්ලුපිටිය පොලිස් වසමේ රොටුන්ඩා උද්‍යානය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකරනු ලැබුවා. මෙම වැටලීමේදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බියර් කෑන් 257 ක් සහ දුම්වැටි 100 ක් සන්තකයේ තබාගෙන සිටි චීන ජාතික තරුණියක් අත්අඩංගුවට ගනු ලැබුවා. වයස අවුරුදු 20 ක් වන මෙම චීන ජාතික තරුණිය බියර් හා දුම්වැටි අලෙවියේ නිරත බව ද සඳහන්. කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.