
අමරිකානු ප්රහාරවලින් දකුණු ඉරනයේ සන්නිවේදන කටයුතු අඩාලවී
තිබෙනවා.
ඇමරිකාව විසින් ඊයේ (18) රාත්රියේ එල්ල කළ ප්රහාර හේතුවෙන් බන්ඩර්
අබ්බාස් (Bandar Abbas) සහ හජියාබාද් (Hajiabad) ප්රදේශවල
සන්නිවේදන සේවාවන් අඩාලවී ඇති බව ඉරානයේ හෝර්මොස්ගාන්
(Hormozgan) පළාතේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්රධානියා
පවසනවා.
ඉරාන ටස්නිම් (Tasnim) පුවත් සේවය වාර්තා කළේ, මෙම ප්රහාරවලින්
සන්නිවේදන කුළුණු 116 ක් අක්රීය වී ඇති අතර, එම ප්රදේශවල ස්ථාවර
දුරකථන, ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවාවන්හිද බාධා ඇතිවී
තිබෙන බවයි.

