
දින කීපයක සිට මන්නාරම නගරයේ තැනි තැන මිනිස් සිරුරු කොටස් විසිරී පවතින බවට මන්නාරමේ වැසියන් පිරිසක් විසින් පොලීසියට හා නගර සභාවට පැමිණිලි කොට තිබෙනවා. එම පැමිණිල්ලේ සදහන් වන්නේ මන්නාරමේ සවුත්බාර් ප්‍රදේශයේ මල් ශාලාවකින් අපද්‍රව්‍ය නිසි ලෙස බැහර නොකිරීම නිසා බල්ලන් විසින් මිනිස් සිරුරු කොටස් රැගෙන ගොස් නගරයේ තැනින් තැන දමා ඇති බවයි. මන්නාරම දුම්රිය ස්ථානය අසල තිබී එවැනි මිනිස් අවයව විශාල ප්‍රමාණයක් නිරික්ෂණය වි ඇති අතර ඒවා දඩි ලෙස නරක් වීමෙන් දුගධක් හමන බවද මන්නාරමේ වැසියන් කියා සිටිනවා. මන්නාරමේ ජනතාව සිය පමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ නිසි ප්‍රමිතියෙන් යුතුව එම මල්ශාලවා පවත්වා ගෙන යාමට හිමිකාරිත්වය අපොහොසත් වන්නේ නම් ඔවුන්ට ලබා දි ඇති බලපත්‍රය වහාම අත්හිටුවා මහජන සෞඛ්‍යයට ප්රමුඛස්ථානයක් ලබා දෙන ලෙසයි.