
පාකිස්තාන තරග සංචාරයක නිරත ශ්රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක හා වේග පන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දු යළි ශ්රී ලංකාවට පැමිණෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් දෙදෙනා එළඹෙන විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය සඳහා ක්රීඩා නොකරන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරන්නේ.
නායක චරිත් අසලංක මෙරටට පැමිණීම හේතුවෙන්, කණ්ඩායමේ නායකයා ලෙස උප නායක දසුන් ශානක පත් කිරීමට තීරණය කර ඇති අතර, තුන්කොන් තරගාවලිය සඳහා වන ශ්රී ලංකා සංචිතයට පවන් රත්නායක කැඳවීමට ද තීරණය කර තිබෙනවා.