
ඉන්ධන අර්බූදයත් සමගම වවුනියාව වෙළද පලේ සාමාන්‍ය පාපැදියක මිල රුපියල් 5000 සිට 7000 ක මිලකින් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව මීට පෙර රුපියල් 37500 කට අලෙවි වූ පාපැදියක නව මිල මේ වන විට රුපියල් 42500 ත් 45000 ත් අතර මිලකට ඉහල ගොස් ඇත. සාමාන්‍යයෙන් උතුරේ ජනතාවගේ ගමනාගමන කටයුතු සදහා වැඩි වශයෙන්ම යොදා ගනු ලබන්නේ පාපැදියයි. පාසල් සිසුන් පාසල් යාම පිණිසද උපකාරක පන්ති සදහා යාමටද රජයේ සේවකයින් සේවයට යාම පිණිසද භාවිත කරණු ලබන්නේ පාපදියයි. මෑත කාලයේ සිට පාපැදිය වෙණුවට යතුරු පැදි ඔවුන් සිය ගමනාගමන කටයුතු සදහා යොදා ගනු ලැබුවද ඉන්ධන අර්බූදය ඇති වීමත් සමගම ඔවුන් යළිත් වරක් සිය ගමනාගමන කටයුතු සදහා පාපැදිය භාවිත කරන්නට පටන්ගෙන තිබෙනවා. මේ තත්ත්වය මත පාපැදියට ඉතා ඉහල ඉල්ලුමක් යළි ලැබීමත් සමගම වවුනියාව වෙළද පලේ සාමාන්‍ය පාපැදියක මිල ගණන් ඉහල ගොස් ඇත. එසේම මේ දිනවල වවුනියාවේ වැසියන්ගෙන් පාපැදිවලට ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බැවින් වෙළද පලේ පාපැදි හිගයක්ද ඇති වී තිබෙනවා.