
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්රදේශ කිහිපයක නායයෑම පිලිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවනවා. . ඒ අනුව කළුතර දිස්ත්රික්කයේ පාලින්දනුවර සහ අගලවත්ත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්රික්කයේ අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල යන ප්රාදේශී්ය ලේකම් කොට්ඨාසවල නායයෑමේ අවදානම් සහිත ප්රදේශ බවට හඳුනාගෙන ඇති ප්රදේශවල ජනතාවට විමසිලිමත්බවින් සිටින ලෙස දැනුම් දෙනවා. ගතවු පැය 24 තුළ මෙම ප්රදේශවලට මිලි මිටර් 75 ක පමණ වර්ෂාපතනයක් ලැබි ඇති බැවින් තවදුරටත් වැසි පවතීනම් නායයෑම්,බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්,පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් ආදිය පිලිබඳව විමසිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙනවා.