
''කාගෙත් හිත ගත්ත - ධනපාල උඩවත්ත'' සොඳුරු ගීත සැඳෑව පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
ධනපාල උඩවත්ත නම් සොඳුරු කලාකරුවා වෙනුවෙන් මේ කටයුත්ත සංවිධානය කර තිබුණෙ, ඔහුගේ ආදරණීය පුතුන් දෙදෙනා විසින්.
ගයාන් උඩවත්ත - ශමීන් උඩවත්ත දෙන්නත් එක්ක හැට වසරක් රටක් ගීයෙන් නැලවූ පියාණන්ගේ 80 වන උපන්දිනය වෙනුවෙන් දුන්නු තෑග්ග තමයි, ''කාගෙත් හිත ගත්ත - ධනපාල උඩවත්ත'' සොඳුරු හෝරා කිහිපය.
ඊට සංගීත කේෂත්රයේ සියලුදෙනා ඇරයුම් ලබා තිබුණා.
සංගීතය ආත්මය කරගත් අයෙකුට, මෙවන් උපන්දින තෑග්ගක් මිල කළ නොහැකි බව අමුතුවෙන් කියන්න ඕනිම නෑනෙ නේද.
එහිදී ධනපාල උඩවත්ත වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදුකෙරුණා.
මේ විශේෂ මොහොතේදී ධනපාල උඩවත්ත හඬ ප්රසංග වේදිකාවෙන් අහන්න බලාගෙන ඉන්න රසික සමූහයාට, කණගාටුදායක පුවතකි අහන්න ලැබුණේ.
ඒ ධනපාල උඩවත්ත හඬ, දෙසැම්බරයේ සිට යළි ප්රසංග වේදිකාවේ ගීතවත් නොවන බව.
නමුදු ඔහුගේ හැකියාව ආශිර්වාද ලෙස ලත් පුතුන් දෙදෙනා, ගයාන් උඩවත්ත - ශමීන් උඩවත්ත ඔබව පිනවන්න ගී ගයනු ඇති.
''මේ දක්වා සිංදු කියන්න හැකියාව තියෙනවා මට වේදිකාවේ. නමුත් මම දෙසැම්බර් මාසෙන් පස්සෙ වේදිකාවට එන්නෙ නෑ සමුගන්නවා. මම සතුටු වෙනවා ආපු ගමන් මඟ.. දෙවියන්ගෙ ආශිර්වාදය මැද්දෙ හිටියා. දෙවියන්ගෙ තමයි ආශිර්වාදය.
මම අවුරුදු ගාණක් ක්ෂේත්රයේ.. තාමත් ආසයි රැඳී ඉන්න. නමුත් මට හිතෙනවා දැන් මට ඇති ආපු කාලේ. ඒක භාරදෙනවා අනාගතයට. ඒගොල්ලන් ඒ මඟ ගෙනයන්න ඕනි. මම වේදිකාවෙන් අනිවාර්යෙන් සමුගන්නවා. ඒක මගේ කැමැත්තෙන් කරන දෙයක්. මම කියපු සිංදුත් ඔක්කොම භාරදෙනවා අනාගතයට. ගයාන් උඩවත්ත කියන්නෙ මගෙ ලොකු පුතා. ශමීන් උඩවත්ත අනිත් පුතා. ගීතවල භාරකාරත්වය ඒගොල්ලන්ට. රසික රසිකාවියෝ මට ආදරේ නම්, මගේ ගීතයක් ගායනා කළාට මම තරහ වෙන්නෙ නෑ.
මටත් දුකයි මම දෙසැම්බර් මාසෙ වේදිකාවෙන් අයින් වෙනවා කිව්වාම. දෙසැම්බර් මාසෙන් පස්සෙ මම වේදිකාවේ නෑ.
මගෙ දරුවො දෙන්නටත් සංගීත දැනුම තියෙනවා. ඒගොල්ලන්වත් ආදරෙන් බලාගන්න කියලා ඉල්ලනවා.
දෙවියන්ටත් මගේ රසික රසිකාවියන්ටත් ගෞරවය ආදරය පිරිනමින් කියන්නෙ සමාවෙන්න කියලා. මට අවස්ථාව ලබාදෙන්න සමුගැනීමට....''
ලාංකේය සංගීත ක්ෂේත්රයේ පුරාවෘත්ත ඉන්නේ කිහිපදෙනයි.
ඒ අතර උඩම ඉන්න කෙනෙක් තමයි ධනපාල උඩවත්ත.
අපේ හදවත් පුරවන රණවිරු ගී වැඩිම ප්රමාණයකට හිමිකම් කියන ගායන ශිල්පියා ඔහු. ඒ වගේම ''මා ආදරණීය මගේ අම්මා වෙතටයි'' පළවෙනි රණවිරු ගීතයත් ඔහුගේ.
කාගෙත් මහත් ප්රශංසාවට ලක්වුණු, පියා වෙනුවෙන් පුතුන් තැනූ උපහාර වේදිකාව,,, ධනපාල උඩවත්ත සහ ඔහුගේ බිරිඳට රහසේම සංවිධානය වූවක්.
පුතුන් දෙදෙනා විසින් කෑගල්ලේ ප්රසංගයක් සඳහා අත්තිකාරම් මුදලක් ගෙවා ඔහුගෙන් දිනය වෙන් කරවාගෙන.
මේ කිසිවක් නොදන්නා ඔහු බිරිඳ සමඟින් නිවසින් පිටත්වෙලා තියෙන්නෙ කෑගල්ලේ ප්රසංගයට යාමට.
ඒ විදියට තමයි, ''කාගෙත් හිත ගත්ත - ධනපාල උඩවත්ත'' සොඳුරු සැඳෑව ධනපාල උඩවත්ත නාමයට තිළිණ වෙලා තිබුණෙ.