
දිට්වා සුළි කුනාටුව සමග හටගත් අපදා හේතුවෙන් නිවාස 20000 කට වැඩි ප්‍රමනයක් හානියට පත්ව තිබෙනවා. මේ වනවිට පවතින වාර්තාවන්ට අනුව නිවස 565 ක් මුලුමනින්ම විනාශයට පත්වී ඇති අතර නිවාස 20271 අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වැඩිම නිවාස සංඛ්‍යාවක් හානියට පත්ව ඇත්තේ බදුල්ල දිස්ත්රික්කයේය. බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 269 ක් සම්පුර්ණයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 3896 ක් අර්ධවශයෙන් හානියට පත්ව තිබෙනවා. කුරුණැගල නිවාස 71 ක්, පුත්තලම නිවාස 44 ක්, ගම්පහ නිවාස 68 ක් කෑගල්ලේ නිවාස 24 ක් සම්පුර්ණයෙන් හානියට පත්ව ඇති අතර සෙසු දිස්ත්‍රික්කවලින් පුර්ණ නිවාස හානි 89 ක් වර්තාවනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 2949 ක් , වවුනියවේ නිවාස 2414 ක් , ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 1324 ක් ,කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 1426 ක් , රත්නපුර නිවාස 866 ක් , කළුතර නිවාස 851 ක් , පුත්තලමේ නිවාස 735 ක් සහ කුරුණැගල නිවාස 699 ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙනවා.