
ඇමෙරිකානු ගුවන් ආරක්ෂක මධ්‍යස්ථානයකට අයත් රේඩාර් පද්ධතියක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා හයක් යොදා ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරනවා.
ඉරානයේ IRGC හිතවාදී ෆාර්ස් පුවත් සේවය වාර්තා කර ඇති පරිදි, බහරේනයේ රිෆා ගුවන් කඳවුර තුළ පිහිටි ඇමෙරිකානු ගුවන් ආරක්ෂක මධ්‍යස්ථානයේ රේඩාර් පද්ධතිය මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත.
කෙසේ වෙතත්, ඉරානය විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාව මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.
මේ අතර, පසුගිය පැය කිහිපය තුළ බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිශ්චිතව හඳුනා නොගත් ආරක්ෂක තර්ජනයක් පිළිබඳව අවස්ථා කිහිපයකදී අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එම අනතුරු ඇඟවීම්වලට අනුව, ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස එරට ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.
ෆාර්ස් පුවත් සේවය මගින් ප්‍රකාශයට පත්කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඇමෙරිකාව විසින් නෞකාවලට ආරක්ෂක සහාය ලබාදීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව පවසමින්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තබා ඇති බවයි.
එමෙන්ම, ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව කිසියම් ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවහොත්, ඊටත් වඩා දැඩි හා විනාශකාරී ප්‍රතිචාරයක් එල්ල කරන බවට IRGC අනතුරු අඟවා තිබෙනවා.