
ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ ජාන සොරකම් කිරීමේ සිද්ධියකට වරද පිළිගත් චීන ජාතිකයන් 4 දෙනෙකුට කලවාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රු.මි.76.4 ක දඩ මුදලක් නියම කළා.
සිංහරාජය රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ ජාන සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ චීන ජාතිකයන් සිවි දෙනෙකු අද (23) වනදා කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රු.මි.76.4ක දඩ මුදලක් ගෙවන ලෙස කලවාන මහේස්ත්‍රාත් ඩී.එම් යසස්ත්රී ප්‍රියංගිකා දිසානායක විසින් නියෝග කරනු ලැබුවා.
සිංහරාජය රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ 41 කුලකයකට අයත් ආරක්ෂිත සතුන් 300කට
අධික ප්‍රමාණයක් අල්ලා ගැනීම, සන්ථකයේ තබා ගැනීම, වාර්තා නොකිරීම සම්බන්ධයෙන්
අද (23) දින කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයන් සිව් දෙනා
අදාල චෝදනා 143 කට වරද පිළිගැනීමෙන් අනතුරුව කලවාන මහේස්ත්‍රාත්වරිය මෙම
නියෝගය නිකුත් කළා.
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ කෘමි සත්ව විශේෂ හා උරගයින් විශාල ප්‍රමාණයක් එකතු කළ විදේශිකයින් සිව් දෙනෙකු පසුගිය (09) වැනිදා උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් අනුව වනජීවී නිලධාරීන් සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රේරක කලාපයේ දී මෙරටට ආවේණික කෘමී සතුන් සහ උරගයින් එකතු කරමින් සිටි චීන ජාතික පිරිමි පුද්ගලයන් තිදෙනෙක් සහ එක් කාන්තාවන් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව ඔවුන් එදින ( පසුගිය 09) කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (23) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
නඩුව අද කැදවු අවස්ථාවේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල අධිකරණ විසින්
නියම කරනු ලැබුවා.